15 %

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව

බෞද්ධ

By Koggalle Vijitha Thera

Published By Sooriya Publishers

ත්‍රිපිටකය මුලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න්‍යායයන් උපයෝගී කරගනිමින් බටහිර මනෝ චිකිත්සාව පිලිබඳව පුළුල් වශයෙන් සාකච්ඡකොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ හොඳ සේවයක් සේ අගය කළ හැකිය. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව හදෑරුවෙකු ලෙස මානසික ආතතීන් හා ප්‍රශ්ණවලට විසඳුම, සම්පුර්ණයෙන් එම ක්‍රමය තුළින් නොලැබෙන බැව් මාගේ හැඟීම යි. බෞද්ධ දර්ශනය මගින් අප රටේ, අප සංස්කෘතියට උරුම කම් කියන අපගේ ජනතාවට තම මානසික අතතීන්ගෙන් මිදීමට මඟ පෙන්වන කෘතියක් කිරීම වෙනුවෙන් ගත්කතුවරයන් වහන්සේට අපගේ පැසසුම් හිමිවිය යුතු ය. මෙය විශේෂයෙන් උපදේශන විෂය ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන ගුරු සිසු සැම ගේ මන දොළ සපරනු ඇත. කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ගෞරව සාමාර්ථ සහිතව සහ ශාස්ත්‍රපති උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශිෂ්ට සම්මාන සහිතව සමත් මෙහි කතුවරයා එම විශ්වවිද්‍යාලයෙන්ම බෞද්ධ අධ්‍යාපනය පිලිබඳ දර්ශනපති උපාධිය ද, බෞද්ධ හා බටහිර මනෝවිද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ද අවසන් කොට දැනට රුහුණු විශ්වවිද්‍යාලයෙහි ජෙයෂ්ඨ කථිකාචාර්ය ධුරයෙහි සේවය කරයි. පුජ්‍ය කොග්ගල්ලේ විජිත හිමියන් විසින් රචිත මෙම කෘතිය උන් වහන්සේ ශාස්ත්‍රීය මගෙහි තවත් එක් විශිෂ්ඨ සලකුණක් පිළිබිඹු කරන්නකැ’යි කිව හැකි ය.

USD 3.52 USD 4.14

Save USD 0.62

Available

Product Details

  • 978-955-656-057-2
  • Sinhala
  • 268
  • 325g