බලන් පුර සිරි නෙත් වසා

නවකතා

By Rupa Sriyani Ekanayaka (රූපා ශ්‍රියාණි ඒකනායක)

Published By Sooriya Publishers

"ඒත් මචං . මං උඹට එකක් කියන්න ඕනැ ....උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ. මුළු අමාත්‍යංශෙම වැඳ වැටෙනවා...පියන් ගෙ ඉඳන් ඉහල නිලධාරීන් සේරම.. මොනවද ඉල්ලන්නෙ ඒවා බොහොම වෙලාවට ලැබෙනවා...එකෙක් දෙන්නෙක් නං ඉන්නවා තමයි බකපණ්ඩිත කං දොඩන..නීති රීති පෙන්නල දෙන්න හදන..ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි...මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේඛම්ලා කරන්න පුළුවන් නීති රීතිත් මේ ආණ්ඩුවේ නිලධාරී ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නෙ...ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම ..හෑන්ඩ් ෆෝන් ..නිකන් ෆෝන්..ලැප් ටොප් ...කම්පියුටර් අතට පයට දැසි දස්සෝ ...කොටින් ම හතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවන් මේවට ආවම. උපාධි දහයක් ගැහුවත් ඒ තත්ත්වෙට නං ළං වෙන්න බෑ කිව්වෙ ඒකයි. "

USD 4.93

Available

Product Details

  • 978-955-656-566-9
  • Sinhala
  • 368
  • 250g