ආයුබෝවන්

පරිවර්තන නවකතා

By Anula De Silva (අනුලා ද සිල්වා)

Published By Wijesooriya Grantha Kendraya

යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘතාන්තය දෙතැනක සිටින හනා හා අට්කා නම් සොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගන්වන සිද්ධීන් එකට එකතු කරමිනි. 1992 මාර්තුවල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000 කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර මුළු බොස්නියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සදහන් වේ. යුද්ධයට මැදිවී අනේකවිධ ප්‍රහාරයන්ට මැදිවෙමින් ජීවත් වන මේ දැරියන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය ලෝකයටම ආදර්ශයකි. ඒ සමග යුද පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් සේවය කරන සුදු ජාතික තරුණයෙකු සමග භාෂා පරිවර්තිකාවක මෙන් සේවය කරන අට්කා නම් වැඩිමහළු සොහොයුරිය ඔහුගේ පෙම්වතිය බවට පත්වීමෙන් පසු ඇය පමණක් නොව ඇගේ මුළු පවුලම යුධ බිමෙන් ගලවාගෙන තම රටට ගෙනයෑම සදහා ඔහු දරන වෑයම් විදේශිකයකුගේ බලාපොරොත්තු විය නොහැකි තරම් ශ්‍රේෂ්ඨ කාර්යයකි. අට්කාගේ හා හනාගේ කතා ප්‍රවෘත්තිය මෙසේ අද ඔබ අතට පත්වන්නේ පරිවර්තන රාශියක් ඔබ අතට පත් කළ අනුලාද ද සිල්වාගේ සරල සුගම භාෂා රීතියක් සමගය.

USD 3.79

Out of stock

Product Details

  • 978-955-691-032-2
  • Sinhala
  • 380
  • 274g