අහිමි නොවුණේ ජීවිතය පමණකි

පරිවර්තන නවකතා

By L. S. S. Pathirathna

Published By Wijesooriya Grantha Kendraya

ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර් මස 3 වැනිදාය. ඒ ආක්‍රමණික ජර්මන් හමුදා ඇය ජීවත්වූ බයෙලිට්ස් වෙත පැමිණීමත් සමඟය. ඇගේ පවුලේ අය ක්‍රමවත් ලෙස වෙන්කළ ඔවුන් ගර්ඩා යවනු ලැබුවේ ජර්මන් කර්මාන්තශාලාවල වහල් සේවය සඳහාය. එම වහල් කඳවුරු තුළ සිටි ගැහැණු ළමයින් හට වසර තුනක කාලය මුළුල්ලේම මුහුණ දීමට සිදුවන්නේ අනුකම්පා විරහිත කෲරත්වයකටය. ජර්මානුවෝ සැලසුම් සහගත ලෙස ඔවුන්ට ජීවිතය හැර සියල්ල අහිමි කරමින් සිටියහ. යුද්ධය අවසන් සමයේ රුසියන් හමුදාවල ඉදිරි ගමනත් සමඟ ජර්මානුවන් ඔවුන්ව පා ගමනින් රැගෙන ආවේ චෙකොස්ලොවැකියාව දෙසටය. ශීත ඍතුවේ මාස තුනක් පුරා පැවති මේ පා ගමන අවසාන වන විට හාරදහසක ගැහැනු ළමුන් කණ්ඩායමෙන් ඉතිරිව ඇත්තේ එකසිය විස්සක් පමණකි. අනෙක් සියලු දෙනා මිය ගියේ කුසගින්නෙන් හා ශීතලෙනි. අවසානයේ ඇය ඇතුළු කණ්ඩායම චෙකොස්ලොවැකියාවේ වොලරි වලදී මුදාගනු ලැබුවේ ඇය වෙත සෙනහසේ දෑත් දිගු කළ, පසුව ඇගේ සැමියා බවට පත්වූ ඇමරිකන් හමුදා නිලධාරියා විසිනි.

USD 3.43

Out of stock

Product Details

  • 978-955-691-196-1
  • Sinhala
  • 277
  • 350g